
අමෙරිකාවේ ජනාධිපති නිල නිවස වනධවල මන්දිර පරිශ්‍රයේ පිහිටි ඊස්ට් වින්ග් (East Wing) කොටස කඩා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මතයි.
ඊස්ට් වින්ග් සාම්ප්‍රදායිකව ජනාධිපති ආර්යාවන්ගේ කාර්යාල පවත්වාගෙන ගිය ස්ථානයයි.
ට්‍රම්ප් පවසන්නේ ධවල මන්දිරයේ නව, විශාල, අලංකාර බෝල්රූම් ශාලාවක් ඉදිකිරීම සඳහා මෙලෙස කොටසක් කඩාදැමූ බවයි.
මෙම ව්‍යාපෘතියඇමරිකානු බදු ගෙවන්නාට ශුන්‍ය පිරිවැයක්සහිතව සිදු කෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
ධවල මන්දිර බෝල්රූම් ශාලාව සඳහා අරමුදල් සපයනු ලබන්නේ ත්‍යාගශීලී දේශප්‍රේමීන් රාශියක්, දැවැන්ත ඇමරිකානු සමාගම් සහ, තමන් විසින්ම කරගෙන යන පෞද්ගලික අරමුදල්මගින් බවයි ඔහු පවසා ඇත්තේ.
මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 200 ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත, වර්ග අඩි 90,000 ක ශාලාවක්.
ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පැවසුවේ මෙම ‘රාජ්‍ය බෝල්රූම් ශාලාව’ජනාධිපති මන්දිරයේ ඊස්ට් වින්ග් හි පිහිටා ඇති අවකාශයෙහි ඉදිකරන බවයි.
නව බෝල්රූම් ශාලාව ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර, ධවල මන්දිරයේ ඊස්ට් වින්ග් කොටස කඩා දැමීම ඊයේ ආරම්භ වුණා.
මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස ඊස්ට් වින්ග්සම්පූර්ණයෙන්ම නවීකරණයවන බව ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර, එය නිම කිරීමෙන් පසු කලින් තිබූවාට වඩා අලංකාර වනු ඇති බවයිඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
නව ශාලාව ධවල මන්දිරයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ඉදිකිරීමට නියමිතයි.
ට්‍රම්ප්ට අනුව, මෙම ව්‍යාපෘතියවසර 15 ක් තිබූ ඔහුගේම අභිලාෂයක්ඉටුවීමක්.
වසර 150 කට අධික කාලයක් තිස්සේ සෑම ජනාධිපතිවරයෙකුම මහා සාද, රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගැනීමේ සාද ආදිය සඳහා පිරිස් නවාතැන් ගැනීමට ධවල මන්දිරයේ බෝල්රූම් ශාලාවක් තිබීම ගැන සිහින දැක ඇති බව ඔහු පෙන්වා දුන්නා.
‘ඉතා අවශ්‍ය’ බවට ඔහු පවසන මෙම ව්‍යාපෘතිය අවසානයේ ආරම්භ කිරීමට හැකි වූ පළමු ජනාධිපතිවරයා වීම තමන්ට ගෞරවයක් බව ට්‍රම්ප් පැවසුවා.
මෙම ව්‍යාපෘතිය මගින් ගොඩනැගිල්ල තුළ විනෝදාස්වාද සඳහා භාවිත කරන අවකාශය පුළුල් කරන්නක්.
මෙම ඉදිකිරීමට්‍රම්ප්ගේ අභිමතය පරිදිගොඩනැගිලි හා භූමි ප්‍රදේශ සකස් කිරීමේ ඔහුගේ උත්සාහයන්ගේ එක් කොටසක්.
එයට විශාල ධජ කණු එකතු කිරීම, රෝස් ගාර්ඩන් සැකසීම සහ ඕවල් කාර්යාලය රන් පාටින් සරසා ගැනීමද ඇතුළත්.
ජනාධිපතිවරයා පවසන්නේ මෙම බෝල්රූම් ශාලාවඉදිරියේදී පැමිණෙන පරම්පරා ගණනාවක්සතුටින් භාවිතා කරනු ඇති බවයි.
Latest News
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්‍රිකට් තරුව

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි

මොනරාගල නව දිස්ත්‍රික් ලේකම් වැඩ අරඹයි

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී

හරින් එජාපයේ ප්‍රධාන තනතුරකට

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: ගිරිඋල්ල වික්‍රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
