ප්‍රවීණ ඉන්දීය විකට රංගන ශිල්පී ගෝවර්ධන් අසරානි (Govardhan Asrani) මියගොස් තිබෙනවා.
කෙටි අසනීප තත්ත්වයකින් පසු 84 වන වියේ පසුවූ ඔහු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක චරිත රැසක් නිරූපණය කළ ඔහු, "ෂෝලේ" (Sholay) චිත්‍රපටයේ "හම් අංග්‍රේසෝන් කේ සමනේ කේ ජේලර් හේ" (Hum angrezon ke zamaane ke jailer hain) යන දෙබසින් ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වූවා.
අසරානි මහතා ඉන්දීය සිනමාව තුළ සිය අසමසම විකට රංගනයට ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, රසිකයන් වැඩි වශයෙන්ම සිහි කරන්නේ 1975 වසරේ තිරගත වූ "ෂෝලේ" චිත්‍රපටයේ ඔහු විසින් නිරූපණය කළ ඒකාධිපති ජේලර් චරිතයයි.
වසර ගණනාවක් ගත වී ඇතත් එම චරිතය තවමත් ප්‍රේක්ෂකයන් අතර සිනහවක් ඇති කරනු ලබනවා.
ඔහුගේ කළමනාකරු වන බාබුබායි තිබා පැවසුවේ, හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් දින හතරකට පෙර මුම්බායිහි ජූහු ප්‍රදේශයේ රෝහලට ඇතුළත් කළ බවත්, පෙණහලුවල ජලය එකතු වී තිබූ බව වෛද්‍යවරුන් දැනුම් දුන් බවත්.
වසර පනහක් පුරා විහිදුණු සිය වෘත්තීය ජීවිතය තුළ ඔහු රාජේෂ් ඛන්නා, අමිතාබ් බච්චන්, ආමීර් ඛාන් වැනි සෑම ඉහළම නළුවෙකු සමගම රංගනයෙන් දායක වී තිබෙනවා.
ඒ අනුව, "ෂෝලේ" හි ජේලර්, "ආජ් කී තාසා ඛබර්" (Aaj Ki Taaza Khabar), "චෝටි සී බාත්" (Chhoti Si Baat), "බාවර්චි" (Bawarchi), "අභිමාන්" (Abhimaan), "චුප්කේ චුප්කේ" (Chupke Chupke), "රාෆූ චක්කර්" (Rafoo Chakkar), "හේරා ෆේරි" (Hera Pheri), "භූල් භූලෙයියා" (Bhool Bhulaiyaa) ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණයන් වෙනවා.
ඔහුගේ අවසන් කටයුතු ඊයේ සවස (20) පවුලේ අය සහ සමීප මිතුරන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
නීතීඥ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල ලාංඡන ඉවත් කරන්නෙ නෑ - ඇමති නලින්ද
Local
21 October 2025

කොළඹ කොටස් වෙළඳපොළ සර්වකාලීන ඉහළම අගයට ළඟාවෙයි
Local
21 October 2025

මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025

අල්ලස් ගත්තැයි කියූ ගොවිජන නිලධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025