බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝවේ දුප්පත් අසල්වැසි ප්‍රදේශවල සිදුකරන පොලිස් මෙහෙයුම්වලින් අවම වශයෙන් 64 දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තා පවසනවා.
මෙය නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දියත් කළ විශාලතම මෙහෙයුමයි.
එහිදී දක්නට ලැබෙන්නේ යුද ගැටුම් වැනි දර්ශන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම මෙහෙයුම සඳහා සන්නද්ධ නිලධාරීන් 2,500 ක් පමණ, සන්නද්ධ වාහන 32ක්, හෙලිකොප්ටර් 02ක්, ජාවාරම්කරුවන් විසින් මාර්ග අවහිර කිරීමට යොදාගත් බාධක කඩාදමන වාහන 12ක් සහ ඩ්‍රෝන යානා යොදා ගෙන තිබෙනවා.
ප්‍රාන්ත ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ට්‍රෝ මෙම මෙහෙයුම ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම එක ලෙසයි පවසන්නේ. මෙහෙයුමේ අරමුණ වූයේ කමාන්ඩෝ වර්මෙලෝ (රතු නියෝගය) නම් කල්ලිය ව්‍යාප්ත වීම නැවැත්වීමයි.
අදාළ මෙහෙයුම රියෝ උතුරේ පිහිටි දුප්පත් අසල්වැසි ප්‍රදේශ දෙකක් වන කොම්ප්ලෙක්සෝ ඩ පෙන්හා සහ කම්ප්ලෙක්සෝ ඩො අල්මෙයෝ යන ප්‍රදේශවල බ්‍රසීලයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මකයි.
වැටලීම් ආරම්භ කර පැය ගණනකට පසු අඟහරුවාදා පස්වරුවේ රියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල වෙඩි හඬ ඇසුණු අතර ප්‍රදේශ කිහිපයකින් දුම් පැතිර ගොස් ඇති බව සඳහන්.
ගැටුම්වල තීව්‍රතාවය සහ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන බවයි වාර්තාවල දැක්වෙන්නේ.
මෙය රියෝ ෆැවේලාවල මෙතෙක් සිදු වූ දරුණුතම වැටලීමයි. මීට පෙර 2021 දී සිදුවූ වැටලීමකින් 28 දෙනෙකු මිය ගියා.
මෙම මෙහෙයුමේදී, කල්ලි සාමාජිකයන් ප්‍රතිප්‍රහාර දීමට ඩ්‍රෝන යානා භාවිතා කළ බවට පොලිසිය චෝදනා කරරනවා. කම්ප්ලෙක්සෝ ඩා පෙන්හා හි පදිංචිකරුවෙක් නිර්නාමිකව පවසසා ඇත්තේ අපරාධකරුවන් ඩ්‍රෝන යානා මගින් ප්‍රජාවට බෝම්බ හෙලනවා දුටු පළමු අවස්ථාව මෙය බවයි. තවද, වෙඩි තැබීම් බහුල වූ නිසා එහි වෙසෙන සියලු දෙනාම බියට පත්ව සිටිනවා.
ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ට්‍රෝ මෙය සාමාන්‍ය අපරාධයක් නොව 'මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක්' ලෙස හැඳින්වූවවා.
ආණ්ඩුකාර කැස්ට්‍රෝ සැක සහිත කල්ලි සාමාජිකයින් 60 දෙනෙකුගේ මරණ සංඛ්‍යාවක් වාර්තා කළා.
මෙහිදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.
රියෝ නගරය බ්‍රසීලයේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වුවද, අපරාධ කල්ලි විසින් පාලනය කරනු ලබන ෆැවෙලාහි පොලිස් මෙහෙයුම් නිතර සිදු වනවා.
කොන්ග්‍රස් සභික හෙන්රික් වියෙරා මෙම පොලිස් මෙහෙයුම ප්‍රසිද්ධියේ හෙළාදකිමින් පවසා ඇත්තේ ‘රාජ්‍ය ආණ්ඩුව ෆැවේලා සලකන්නේ වෙඩි තැබීමට හා මරා දැමීමට බලපත්‍රයක් ඇති සතුරු භූමියක් ලෙස’ බවයි.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ (UN) මානව හිමිකම් කාර්යාලය මෙම ප්‍රචණ්ඩත්වය ගැන ‘කම්පනයට’ පත් වූ බව පැවසුවා.
Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්