International29 October 2025

නිව්යෝර්ක් ගොඩනැගිලිවලින් 13 වැනි මහල අතුරුදන්

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ කාලයක් තිස්සේ පැවති අන්ධ විශ්වාසයක් ක්‍රමයෙන් සම්ප්‍රදායක් බවට පත්වෙමින් ගොඩනැගිලි තැනීමේදී 13 වන මහල මඟහරිනු දක්නට ලැබෙනවා.

ට්‍රිස්කයිඩෙකෆෝබියාව (Triskaidekaphobia) එනම් 13 අංකයට ඇති බිය, තවමත් දේපළ වෙළඳාම් තුළ සැබෑ බලපෑමක් ඇති කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මහල් 13ක හෝ ඊට වැඩි ගොඩනැගිලි 629ක් පිළිබඳව 2020 වසරේදී StreetEasy විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, එම ගොඩනැගිලිවලින් 9%කට පමණක් 13 වන මහල නිල වශයෙන් ලේබල් කර ඇති බවයි.

එයින් අදහස් කරන්නේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් 12 සිට කෙලින්ම 14 දක්වා පනින බවයි.

නේවාසික ගොඩනැගිලි අතර, 13 වන මහල මඟහැරීම ප්‍රායෝගිකව ප්‍රතිපත්තියක් බවට පත්ව තිබෙන බව ද සඳහන්.

නිව්යෝර්ක් නගරයේ කොන්ඩෝ වෙළඳපොලේ, ගොඩනැගිලිවලින් 5% ක් පමණක් 13 වන මහල ලේබල් කර තිබෙනවා.

දේපළ වෙළඳාම් තුළ මෙම අන්ධ විශ්වාසයේ බලය කෙතරම්ද යත්, එක් තැරැව්කරුවෙකු සිහිපත් කර තිබුණේ, සේවාදායකයෙකු වඩා හොඳ දසුනක් සහිත 13 වන මහලේ ලැයිස්තුවක් වෙනුවට දෙවන මහලේ නිවසක් තෝරා ගත් බවයි.

ගෘහ නිර්මාණ ශිල්ප ඉතිහාසඥ ඇන්ඩෲ ඇල්පර්න් පවසන පරිදි, 13 අංකය අවාසනාවන්ත යැයි හැඟෙන බොහෝ අය සිටිනවා.

වර්ග අඩියක් සඳහා ඩොලර් 2,000ක් වැයවන නගරයක, අංක විද්‍යාව සම්බන්ධයෙන් අවදානමක් ගැනීමට කිසිවකු සූදානම් නැහැ. එක් තැරැව්කරුවෙක් සඳහන් කළේ, '13 අංකයේ ඇති අසහනයක සුළඟවත් වැදෙන්නට ඉඩදීමක්’ පවා විකිණීමක් අඩාල කිරීමට ප්‍රමාණවත් විය හැකි බවයි.

ප්‍රසිද්ධ අමෙරිකානු නිවේදකයකු වන ඇන්ඩි කොහෙන්ගේ වෙස්ට් විලේජ් ඩුප්ලෙක්ස් ගොඩනැගිල්ලේ පවා මහල් 12 සහ 14 මත පිහිටා තිබෙනවා. 13 වන අංකය එහි දක්නට ලැබුණේ නැහැ. කොහෙන්ගේ නිදන කාමරය සහ කාර්යාලය 13 වෙනුවට 14 වන මහලේ පිහිටා තිබුණා.

13 වන මහල භෞතිකව ගොඩනැගිල්ල තුළ පැවතියත් එය විදුලි සෝපාන බොත්තම්වලින් ඉවත් කිරීමටයි නිව්යෝර්ක් වැසියන් පියවර ගෙන ඇත්තේ.

බොහෝ විට එය 12A හෝ යාන්ත්‍රික කටයුතු සඳහා ‘M’ වැනි අන්වර්ථ නාමයකින් පෙන්වනවා.

නිව්යෝර්ක්හි ගොඩනැගිලි 629න් 575ක් පමණ එම අවකාශය මඟහරී.

2002 දී Otis Elevators විසින් කරන ලද තක්සේරුවකින් හෙළි වූයේ එහි විදුලි සෝපානවලින් 85%ක් 12 සිට 14 දක්වා පනින බවයි.

ගෘහ නිර්මාණ ශිල්ප ඉතිහාසඥ ඇන්ඩෲ ඩොල්කාර්ට් මෙම පුරුද්ද "සම්පූර්ණයෙන්ම අන්ධ විශ්වාසයක්" ලෙස හඳුන්වමින්, එය ඉතිහාසඥයෙකුට ඉතා කණගාටුදායක දෙයක් බව පැවසුවා. මෙම ක්‍රමය පර්යේෂකයන්ට පමණක් නොව, සමහර විට හදිසි ප්‍රතිචාර දක්වන්නන්ට හෝ බෙදා හැරීමේ සේවාවන්ට ද ගැටලු ඇති කරන්නක්. උදාහරණයක් ලෙස, කැනඩාවේ වැන්කුවර් නගරය 2015 දී එවැනි ව්‍යාකූලත්වය වළක්වා ගැනීමට මෙම පුරුද්ද සම්පූර්ණයෙන්ම තහනම් කළා.

කෙසේ වෙතත්, Flatiron ගොඩනැගිල්ල, Empire State ගොඩනැගිල්ල, One World Trade Center සහ Plaza වැනි සංකේතාත්මක ගොඩනැගිලි අන්ධ විශ්වාසයට මැදිහත් වීමට ඉඩ නොදී 13 වන මහල පවත්වාගෙන යනු ලබනවා.

Related Recommends
Hiru TV News | Programmes