General11 November 2025

රඳවා ගත් BYD වාහන 625ක් මුදා හැරීමට රේගුව එකඟ වෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක බී.වයි.ඩී වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ ජෝන් කීල්ස් සීජී පුද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළ කර සිටියා.

ඒ අනුව රේගුව භාරයේ රඳවා සිටි බී.වයි.ඩී ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඔටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඔටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625 ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බව ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එකඟතාවය පළ කළා.

ඉන් අනතුරුව මෙම වාහන මුදා හැරීමට අදාළ නියෝග නිකුත් කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes