දරිද්‍රතාවෙන් පෙළෙන තනි මව්වරුන් සහ පියවරුන් සඳහා ලබාදෙන රජයේ මාසික දීමනාව මාලදිවයින රුෆියා 12,000 දක්වා වැඩි කිරීමට මාලදිවයිනේ රජය පියවර ගෙන තිබෙනවා.
ඒ එරට ජාතික සමාජ ආරක්ෂණ නියෝජිතායතනයේ රීති සංශෝධනය කිරීමත් සමඟයි.
මෙම නව සංශෝධනය මාලදිවයිනේ රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම ඉහළ දැමූ දීමනාව ලබා දීම සඳහා රජය ලබන වසරේ රාජ්‍ය අයවැයෙන් රුෆියා මිලියන 211 ක මුදලක් වෙන් කර තිබෙනවා.
රජයේ නිල දත්ත වලට අනුව, මේ වන විට පුද්ගලයින් 5,878 දෙනෙකු මෙම මූල්‍ය ආධාරය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
නව සංශෝධනයට අනුව, එක් දරුවෙකු සඳහා මසකට රුෆියා 3,000 බැගින් උපරිම වශයෙන් දරුවන් සිව්දෙනෙකු (4) දක්වා දීමනා ගෙවනු ලබනවා.
සුදුසුකම් ලබන තනි මාපියෙකුට මසකට උපරිම වශයෙන් රුෆියා 12,000 ක් සහ වසරකට උපරිම වශයෙන් රුෆියා 144,000 ක් ලබාගත හැකියි.
මීට පෙර එක් දරුවෙකුට ගෙවනු ලැබුවේ රුෆියා 1,000 ක් පමණක් වන අතර මාසික උපරිම සීමාව රුෆියා 10,000 ක්.
නව නීතියට අනුව, අයදුම්කරු කැමති නම් තමාගේ ගිණුමට අමතරව වෙනත් බැංකු ගිණුමකට ද මෙම මුදල් බැර කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙම දීමනාව ඉහළ නැංවීම ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් සිය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක් බව සඳහන්.

Latest News
ගල් අඟුරු වංචා පැමිණිල්ලක් සමඟ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කරළියේ 2009 සිද්ධියක් හොයාගෙන කොමිසමට ඇවිත්!
Local
07 May 2026
හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු සම්බන්ධ නඩුව ගැන පොලිසිය මෙසේ කියයි
Local
07 May 2026
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
07 May 2026
ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
07 May 2026
අස්වැසුමේ මිලියන 248ක ද්විත්ව ගෙවීමක් සිදුවෙලා සුබසාධන ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පිළිගනී
Local
07 May 2026
ශ්‍රී ලංකා–පකිස්ථාන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
Local
07 May 2026
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි
Local
07 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026