International12 July 2026

මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ

මැදපෙරදිග යුදමය තත්ත්වයක් නිර්මාණය කරමින් කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සහ බහරේනය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් තම ආරක්ෂක අංශ විසින් සාර්ථකව ව්‍යර්ථ කර (Intercept) ඇති බව එම රටවල් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධියේදී සිදුවූ නෞකා ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉරාන දෙසින් පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යාත්‍රා තමන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති (Air Defense Systems) මඟින් ගුවනේදීම විනාශ කළ බවයි.

මේ අතර කටාර් සහ බහරේන් රාජ්‍යයන් ද සිය රටවල ආරක්ෂක තත්ත්වය උපරිම මට්ටම දක්වා ඉහළ දමා ඇති අතර, ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් ජනතාවට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ප්‍රහාර සමඟ බහරේන් රාජ්‍යය පුරා ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීම නාද කර ඇති අතර, කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා ඇතුළු නගර රැසක විශාල පිපිරුම් හඬවල් ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes