නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වී තිබෙනවා.
1872 වසරේ ඉදිකරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියෙන් පසු හටගත් ගින්නකින් මෙලෙස විනාශ වී තිබුණා.
මෙම ගින්න හේතුවෙන් එහි මීටර් 50 ක් (අඩි 164 ක්) පමණ උසැති කුළුණ සහ වහලය කඩා වැටුණු ආකාරය වීඩියෝ දර්ශනවලින් පෙනීයනවා.
ගින්න පාලනය කිරීම සඳහා නෙදර්ලන්ත නාවික හමුදාව සතු මීටර් 60 ක් උසැති උස් තැන්වල වැඩකටයුතු සඳහා භාවිත කරන වේදිකාවක් යොදා ගත් අතර අවට නිවාස රැසක ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා.
ගින්නට හේතුව මෙතෙක් ස්ථිරවම අනාවරණය වී නැතත්, නව වසර වෙනුවෙන් දැල්වූ ගිනිකෙළි මීට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.
මෙම ගොඩනැගිල්ල 1977 වසරේ සිට ආගමික කටයුතු සඳහා භාවිත කර නොමැති අතර එය උත්සව ශාලාවක් ලෙස පවත්වාගෙන ගොස් තිබුණා.
මෙම ගොඩනැගිල්ලේ නිර්මාණකරු වන්නේ රයික්ස්මියුසියම් නිර්මාණය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී පියරේ කයිපර්ස්.
මේ අතර නෙදර්ලන්තයේ නව වසර සැමරුම් උත්සව අතරතුර සිදු වූ දරුණු ගිනිකෙළි අනතුරු සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබුණා.
ගිනිකෙළි අනතුරු හේතුවෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, තවත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
රොටර්ඩෑම් අක්ෂි රෝහල විසින් ඇස්වලට තුවාල වූ රෝගීන් 14 දෙනෙකුට ප්‍රතිකාර කර ඇති අතර, ඉන් 10 දෙනෙකුම බාලවයස්කරුවන් වීම විශේෂත්වයක්.
මෙවර නව වසර වෙනුවෙන් නෙදර්ලන්ත වැසියන් ඇමරිකානු ඩොලර් මිලියන 151 ක් වැනි වාර්තාගත මුදලක් ගිනිකෙළි සඳහා වියදම් කර තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතරතුර බ්‍රෙඩා වැනි ප්‍රදේශවල පොලිසිය සහ හදිසි සේවා නිලධාරීන්ට එරෙහිව ගිනිකෙළි, ගල් සහ පෙට්‍රල් බෝම්බ මගින් එල්ල වූ දරුණු ප්රචණ්ඩත්වයක් ද වාර්තා වී තිබුණා.
පොලිසිය සහ ගිනි නිවන දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
නෙදර්ලන්තයේ සාම්ප්‍රදායිකව සිදුකරන මෙම පෞද්ගලික ගිනිකෙළි දැල්වීම් නිසා සෑම වසරකම සිය ගණනක් තුවාල ලබන අතර යුරෝ මිලියන ගණනක දේපළ හානි සිදු වන බව සඳහන්.
මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට ගිනිකෙළි අලෙවි කිරීම තහනම් කිරීමට රජය තීරණය කර ඇති අතර, එම තහනම ක්‍රියාත්මක වීමට පෙර අවසන් වරට පාරිභෝගිකයන්ට ගිනිකෙළි අලෙවි කළ වසර ලෙස 2025 වසර සනිටුහන් වන බව සඳහන්.
වෛද්‍යවරුන්, පොලිසිය සහ දේශපාලනඥයන් වසර ගණනාවක් තිස්සේ මෙම තහනම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබුණා.
Latest News
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026