International02 January 2026

ජන නායගන්' ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් වාර්තා තබයි

තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

තිරගත වීමට සතියක් ඉතිරිව තිබියදී, පළමු දින ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක් චිත්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් මිලියන 150ක ආදායමක් උපයා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙහිදී විදේශීය ආදායම කැපී පෙනෙන අතර, උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පමණක් රුපියල් මිලියන 110ත් 120ත් අතර මුදලක් වාර්තා වී තිබෙනවා,

ඉන්දියාව තුළ දැනට කර්නාටක සහ කේරළ ප්‍රාන්තවල පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කර ඇති අතර, එයින් මිලියන 30ක ආදායමක් ලැබී තිබෙනවා.

තමිල්නාඩුව තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ පසු මෙම අගය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Related recommendation
Hiru TV News | Programmes