නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසනවා.
ෆොක්ස් නිව්ස් නාලිකාවේ ‘Hannity’ වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ, තමාට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව නිවේදනය කළ ඔක්තෝබර් 10 වන දින ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කළ නමුත් එතැන් සිට ඔහු සමඟ සම්බන්ධ නොවූ බවයි.
නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් ආඥාදායකත්වයට එරෙහිව ඇය කළ අරගලය අගයමින් මෙම ගෞරවනීය සම්මානය ඇයට පිරිනැමුවා.
නොබෙල් සාම ත්‍යාගය ලබාගැනීම වෙනුවෙන් ඇය නෝර්වේ බලා පිටත් වුවද එම ත්‍යාගය ලබාගත්තේ ඇයගේ ඥාතියකු විසින්. ඇය ඒමට ප්‍රමාද වූ නිසා බවට ඇය පවසා තිබුණා.
කෙසේවෙතත් මෙම සංචාරය අවසන් කර ඇය මෙතෙක් වෙනිසියුලාවට පැමිණ නැහැ.
ධුරයෙන් පහ කරන ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝගේ ප්‍රබලතම විරුද්ධවාදියා ලෙස පුළුල් ලෙස පිළිගැනෙන්නේ මචාඩෝයි.
සිය රටට නැවත පැමිණීමේ සැලසුම් පිළිබඳව විමසූ විට ඇය පැවසුවේ, "මම හැකි ඉක්මනින් නැවත මගේ රටට යාමට සැලසුම් කරනවා" යනුවෙන්.
පසුගිය සෙනසුරාදා ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් සහ එරට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මචාඩෝ ලබා දුන් පළමු සම්මුඛ සාකච්ඡාව මෙයයි.
ඇමරිකානු මැදිහත්වීම "මනුෂ්‍යත්වය, නිදහස සහ මානව ගෞරවය වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක්" ලෙස ඇය ඉතා ඉහළින් අගය කළා.
මේ අතර, වෙනිසියුලාවේ උප ජනාධිපති සහ තෙල් අමාත්‍ය ඩෙල්සි රොඩ්රිගස් අන්තර්කාලීන ජනාධිපති ලෙස දිවුරුම් දී පැය කිහිපයකට පසුව රටේ අනාගත නායකත්වය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ අවිනිශ්චිතතාවයක් සහ කුතුහලයක් මතු වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා ජනාධිපති ට්‍රම්ප් මචාඩෝ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අදහස බැහැර කළේ "ඇයට රට තුළ ප්‍රමාණවත් සහයෝගයක් හෝ ගෞරවයක් නොමැති" බව ද පවසමින්.

Latest News
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අතුරුදන් සංඛ්‍යාව 11ක් දක්වා ඉහළට
Local
03 June 2026
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට
Local
03 June 2026
සා/පෙළ විභාග අයදුම්පත් කැඳවීමට පෙර ජාතික හැඳුනුම්පත සකස් කරගන්න - විභාග දෙපාර්තමේන්තුව
Local
03 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් තිදෙනෙක් අතුරුදන්
Local
03 June 2026