පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත් එය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්‍රමානුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අද (10) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවා.
පූර්ව ළමා විය සංවර්ධනය, රටේ මානව සංවර්ධනයටත්, රටේ අනාගත අභිවෘද්ධියටත් ප්‍රධාන ලෙස බලපානවා. දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ පූර්ව ළමාවිය සංවර්ධනය මත බව අප සියලු දෙනාට පිළිගත හැකි සත්‍යයක්. දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය බොහෝ දේ වයස අවුරුදු පහ දක්වා කාලය තුළදී දරුවා තුළ සිදුවෙනවා. ඒ කාලය තුළ දරුවා ලබන අත්දැකීම්, රැකවරණය, ලබන ආදරය තීරණාත්මකයි.
දරුවා වැඩිහිටියෙකු ලෙස ගොඩනැගීමට කුඩා කාලයේ ලබන සමාජානුයෝජන බලපෑම, අන්තර් සම්බන්ධතා, පරිසරයේ බලපෑම පාදක වෙනවා. පුද්ගලයෙකු වැඩිහිටියෙකු වූ පසු වෙනස් කිරීමට නොහැකි තරමට පූර්ව ළමාවිය සංවර්ධනය ජීවිතයට බලපානවා,
දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව වැඩිහිටියන් දක්වන ප්‍රතිචාර ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය ඔවුන්ට දක්වන රැකවරණය සියල්ල ඉතාම වැදගත්. එබැවින් දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය දෙමව්පියන්ගේ වගකීමක් පමණක් ලෙස අපි කිසිවිටක සළකන්නේ නැහැ. එය සියලු පුරවැසියන්ගේ සාමූහික වගකීමක්.
අපට තනිව දරුවකු යහපත් පුරවැසියෙකු දක්වා ගොඩනැගිය නොහැකියි. අපගේ ජීවිත දෙස බැලුවත් අපගේ දෙමව්පියන් වගේම අපේ ජීවිතවලට බලපෑම් සිදු කළ විශාල පිරිසක් සිටිනවා.
අපට ආදරය දැක්වූ අපට රැකවරණය සැපයූ බොහෝ පිරිස් සිටිනවා. ඒ සියලු දෙනා දැක්වූ අනුග්‍රහය නිසා අද අපි මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ.
දරුවන්ට රැකවරණය ලබාදීම සමාජ වගකීමක් ලෙස අපේ රජය දකිනවා. දරුවෙක් ගොඩනැගීම, රැකවරණය සැපයීම, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබාදීම සමාජ වගකීමක් බව ජනතාවට සන්නිවේදනය කිරීමට clean sri lanka මැදිහත්වීම ඉතාමත් වැදගත්.
දරුවන් වෙනුවෙන් පෙර පාසල් ගුරුවරුන් විශේෂ කාර්යයක් සිදු කරනවා. දරුවන්ට එම අවධියේදී ලැබෙන ආදරය රැකවරණය මෙන්ම දරුවනට ඇහුම්කන් දීම ඔවුන්ට දක්වන ප්‍රතිචාරය දරුවන්ගේ වර්ධනයට තීරණාත්මකයි.
දරුවන්ගේ ජීවිත තුළ ඔබ සිදු කරන්නේ තීරණාත්මක මැදිහත්වීමක්. පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැලසුම්කර තිබෙනවා.
UNICEF ආයතනය මේ සඳහා අපට තාක්ෂණික සහයෝගය ලබා දෙනවා. පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් යනවා. පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්රමාණුකූලව පවත්වා ගැනීමටත්, ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර තිබෙනවා.
පූර්ව ළමා විය සංවර්ධනය අධ්‍යාපනය තුළ විශේෂ ක්ෂේත්රයක් බව හඳුනාගෙන ඒ වෙනුවෙන් මැදිහත්වෙන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා .

Latest News
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026
ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්
Local
24 June 2026
පුස්තකාල කා:කා:ස තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත්තැයි පුද්ගලයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
Local
24 June 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
Local
24 June 2026
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
Local
24 June 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් වෙයි
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 47.91 කින් පහළට
Local
24 June 2026
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
Local
24 June 2026