General29 January 2026

ඉම්රාන් ඛාන් රෝහල්ගත කෙරේ

බන්ධනාගාර ගත කර සිටින පකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී රෝහලකට ගෙන යාමට බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් PTI පක්ෂය චෝදනා කරන්නේ, ඔහු එලෙස රෝහලකට රැගෙන ගොස් ඇත්තේ පක්ෂයට හෝ පවුලේ සාමාජිකයින්ට දැනුම්දීමකින් තොරව බවයි.

රෝහලකට ගෙන ගිය බවට වාර්තා සම්බන්ධයෙන් පක්ෂය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, එය අපයෝජනයක් ලෙස හඳුන්වමින් ඔවුන් චෝදනා එල්ල කර තිබෙනවා.

එමෙන්ම PTI පක්ෂය බල කරමින් පවසා සිටින්නේ, බලධාරීන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින්ට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇති අතර, ඔහු අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

ඔහු බරපතල අක්ෂි රෝගයකින් පීඩා විඳින බවත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාර බලධාරීන් සහ රජය බාධා කරන බවත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටින බවත් පක්ෂය දිනකට පෙර ඉම්රාන්ගේ සෞඛ්‍යය පිළිබඳව කනස්සල්ල පළ කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes