අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඓතිහාසික වෙළෙඳ ගිවිසුමකට එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
මෙම නව ගිවිසුම යටතේ ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකාව පනවා තිබූ සියයට 50ක අධික ආනයන බදු ප්‍රමාණය සියයට 18 දක්වා පහත හෙළීමටයි තීරණය කර ඇත්තේ.
මෙම සහනය ලබා දීම සඳහා ඉන්දියාව ප්‍රධාන කොන්දේසි කිහිපයකට එකඟ වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වී තිබෙනවා.
රුසියාව වෙනුවට අමෙරිකාවෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව පියවර ගනු ඇති.
මීට අමතරව අමෙරිකානු බලශක්ති (ගල්අඟුරු ඇතුළුව), තාක්ෂණික සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙනුවෙන් ඩොලර් බිලියන 500කට අධික මුදලක් වැය කිරීමට ඉන්දියාව පොරොන්දු වී තිබෙනවා.
අමෙරිකානු භාණ්ඩ සඳහා ඉන්දියාව පනවා ඇති බදු සහ අනෙකුත් වෙළෙඳ බාධක "ශුන්‍ය" දක්වා අඩු කිරීමටද ඉන්දීය රජය එකඟ වී ඇති බව සඳහන්.
මීට පෙර රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණය හේතුවෙන් අමෙරිකාව විසින් ඉන්දීය භාණ්ඩ මත සියයට 25ක දඬුවම් බද්දක් පනවා තිබුණා.
එය සාමාන්‍ය සියයට 25ක බද්දට එකතු වීමෙන් මුළු බදු ප්‍රතිශතය සියයට 50 දක්වා ඉහළ ගොස් තිබූ අතර, නව ගිවිසුම සමග එම දඬුවම් බදු ඉවත් කෙරෙනවා.
මෙම නිවේදනයත් සමග අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති ඉන්දීය සමාගම්වල කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන්ම Infosys (4.3%), Wipro (6.8%) සහ HDFC Bank (4.4%) වැනි ආයතන විශාල ප්‍රගතියක් පෙන්වා ඇති බවටයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, අමෙරිකානු කුඩා ව්‍යාපාරික කණ්ඩායම් පෙන්වා දෙන්නේ, 2024 වසරේ පැවති සියයට 2 - සියයට 3 බදු අනුපාතයට සාපේක්ෂව මෙම සියයට 18ක බද්ද තවමත් ඉහළ මට්ටමක පවතින බවයි.
මෙම ගිවිසුම රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එල්ල කරන ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කරන්නක් වනු ඇතැයි ජනාධිපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026