International28 June 2026

සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට

සෞදි අරාබියේ රාස් තනූරා (Ras Tanura) ප්‍රදේශයේදී සෞදි රජයට අයත් ඇරැම්කෝ (Aramco) තෙල් සමාගමට සම්බන්ධ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

අද (28) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බව සෞදි බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මූලාශ්‍රය - අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes