කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී ඊයේ (21) සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දංඕවිට පොලිසිය පවසනවා.
අනතුරින් යතුරුපැදියේ පසුපැදිකාරිය වූ තරුණියක ද බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් එනම් කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිය සහ බස් රථය වේවැල්දෙනිය ප්‍රදේශය පසුකරමින් තිබූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු වහාම වරකාපොල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.
මෙහිදී තුවාල ලැබූ පසුපැදිකාරිය මුලින් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි වාර්තා වෙනවා.
අනතුරට සම්බන්ධ බස් රථය සහ එහි රියදුරු දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
Latest News
මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි
Local
13 August 2026
වාග් චිකිත්සක උපාධිධාරී වෘත්තිකයින් 52ක් මෙරට සෞඛ්‍ය සේවයට
Local
13 August 2026
වත්තල ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
Local
13 August 2026
ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා ලෙස මිචෙල් ස්ටාර්ක් ඉතිහාසගත වෙයි : රංගන හේරත්ගේ වාර්තාව බිඳවැටෙයි
Local
13 August 2026
මේ වසරේ වැඩිම රිය අනතුරු යතුරුපැදිවලින්!
Local
13 August 2026
36 වන ජාතික සමථ දින සැමරුම් උත්සවය හෙට
Local
13 August 2026
වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 1,693 ක් මරුට
Local
13 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 120කින් ඉහළට
Local
13 August 2026
විදෙස්ගතව සැඟව සිටින සැකකරුවන් 93 ක් ගෙන්වාගැනීමට රතු නිවේදන
Local
13 August 2026
ශ්‍රී ලංකාව සුළුකොට තකන්න එපා - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගවස්කාර්ගෙන් අවවාද
Local
13 August 2026