බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව විසින් පරාජයට පත් කළ ද ඔවුන්ට ජනතා අධිකරණයෙන් නම් එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට නොහැකි වන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අවධාරණය කරනවා.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.
මහාචාර්ය පීරිස් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව තම උපරිම බලය යොදා මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළදී පරාජය කිරීමට කටයුතු කළ බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මෙසේද පැවසුවා.
පාර්ලිමේන්තුවට ඊයේ බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහත්මයාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව උපරිම බලය යොදලා ආණ්ඩුව විසින් පරාජයට පත්කළා.
නමුත් ජනතා අධිකරණයට ගියොත් ඒ විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හැම තිස්සේම උත්සාහ කළේ මේක ගල් අඟුරු සමාගමේ ප්‍රශ්නයක් කියලා පෙන්නන්න.
නමුත් මෙම බාල ගල් අඟුරු ගෙනල්ලා රටට දැඩි ආර්ථික හානියක් කරන්න පාර කැපුවේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසයි කියලා සියලුම කරුණු අනාවරණය වෙලා ඉවරයි.
අනිත් කාරණය මේ ගල් අඟුරු ටෙන්ඩරයට අදාල ගිවිසුම අත්සන් කරනකොට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු අත්සන තිබුණේ නැහැ.එවැනි තත්ත්වයකදී තමයි මේ ගිවිසුම අත්සන් කරන්න ආණ්ඩුව තීරණය කළේ.
ජනතාවට බදු මුදල් ගගහා ඔවුන්ගෙන් මුදල් අයකරගෙන තමයි ආණ්ඩුව මේ වගේ වැඩ කරන්නේ.
මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගියවන්න ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව ජයග්‍රහණය කළත් එමඟින් පරාජයට පත් වූයේ මේ රටේ ජනතාව බවයි.
මාස කිහිපයක්ම යනකම් මෙම පාඩුව මකාගන්න ආණ්ඩුවට නොහැකිවන බවද ඔහු විසින් පෙන්වා දුන්නා.
ඒ අනුව මෙම පාඩුව මකාගන්න විදුලි බිල වැඩිකර එය ජනතාවගෙන් අයකර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක සංචිතයක් තියෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරමින් ඔවුන් හදන්නේ තවදුරටත් ජනතාවගේ බදු බර වැඩි කරමින් එම පාඩුව පියවා ගැනීමට බවද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.
මෙම ගල් අඟුරු සම්බන්ධයෙන් විද්‍යාගාරවලින් නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණක් බවත් මෙම මාධ්‍ය හමුවට එක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා.
මෙම අවස්ථාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම ප්‍රකාශ කළේ සිංහල අවුරුද්දට ජනතාවට කන්න වෙන්නේ ගල් අඟුරු බවයි.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ලසන්ත අලගියවන්න ,සර්වජන බලය පක්ෂය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන,එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අජිත් මානප්පෙරුම,නව ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සෙනාල් වෙල්ගම ඇතුළු පිරිසක් එක් වුණා.

Latest News
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
28 June 2026
“එය ඊශ්‍රායලයට යටත්වීමක්” - ලෙබනන්-ඊශ්‍රායල ආරක්ෂක ගිවිසුම ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
28 June 2026
කුවේටයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලකට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙයි
Local
28 June 2026
අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ගුවන් ප්‍රහාර
Local
28 June 2026
පළමු ඉනිමට ලකුණු 626ක් රැස්කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්
Local
28 June 2026
දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ
Local
27 June 2026