General13 April 2026

බුලත් මිලත් ඉහළට

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් බුලත් සදහා අධික ඉල්ලු‍මක් පවතින පසුබිමක, බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වෙලදපොලේ බුලත් අතක මිල රුපියල් 400 සීමාවට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව කුඩා බුලත් අතක් රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි වන අතර වියලි කාලගුණය හමුවේ බුලත් අස්වැන්න අඩු වීමද මෙලෙස බුලත් මිල ඉහල යාමට බලපා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes