General13 April 2026

දිස්ත්‍රික්ක කිහිපයකට පළමු මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ (Level 1 - විමසිලිමත්) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව,

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ අවට ප්‍රදේශ,

කෑගල්ල දිස්ත්‍රික්කය: වරකපොල, කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අවට ප්‍රදේශ,

නුවරඑළිය දිස්ත්‍රික්කය: නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අවට ප්‍රදේශ,

රත්නපුර දිස්ත්‍රික්කය: ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ අවට ප්‍රදේශ සඳහා මෙලෙස පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes