හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ පවුලේ අය සහ ව්‍යාපාරික කණ්ඩායම් 10කට සම්බන්ධ ටකා බිලියන 760ක (අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් පමණ) වත්කම් බංග්ලාදේශ රජය ඊයේ (15) රාජසන්තක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙය ඇයට සහ අවාමි ලීගයට (Awami League) එරෙහිව ගත් නවත්ම ක්‍රියාමාර්ගය සනිටුහන් කරන බවයි වාර්තා සඳහන් කරන්නේ.
හිටපු අග්‍රාමාත්‍යවරිය මේ වසර අගදී නැවත ඩකා නුවරට පැමිණීමට බලාපොරොත්තු වන බවට ඉඟි කර ඇති පසුබිමකයි මෙම නවතම පියවර ගෙන ඇත්තේ.
ඇගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය කියා සිටියේ, සිය ගණනක් විරෝධතාකරුවන් මිය ගිය 2024 ජූලි සහ අගෝස්තු විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය 1 (Inteational Crimes Tribunal 1) විසින් පනවන ලද දඬුවම් ඇතුළු අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දීම සඳහා ඇය නැවත පැමිණීම පිළිගන්නා බවයි.
පසුගිය පෙබරවාරි මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් රජය චෝදනා කර ඇත්තේ, හසීනා ඇගේ 15 වසරක ධූර කාලය තුළ ඇගේ ඥාතීන්ට සහ ඇයට සම්බන්ධ ව්‍යාපාරික කණ්ඩායම්වලට ප්රතිලාභ ලබා දෙමින් නීති විරෝධී ලෙස වත්කම් රැස් කර ඇති බවයි.
බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකයට (Bangladesh Financial Intelligence Unit) අනුව, බලධාරීන් බංග්ලාදේශය තුළ ඇති ටකා බිලියන 570ක වත්කම් සහ විදේශයන්හි ඇති තවත් ටකා බිලියන 190ක වත්කම් අත්හිටුවා තිබෙනවා.
එම ආයතනයේ ප්‍රධානී ඉක්තියාර් මොහොමඩ් මාමුන් සිය වාර්ෂික ක්‍රියාකාරකම් සාරාංශය මාධ්‍යයට ඉදිරිපත් කරමින් කියා සඳහන් කර ඇත්තේ, හසීනා සහ ඇයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශනවල කොටසක් ලෙස බලධාරීන් නඩු 98ක් ආරම්භ කර ඇති බවයි.
ඇය බලයෙන් පහකිරීමෙන් පසු, ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය අවාමි ලීගයට දේශපාලන කටයුතුවල නිරත වීම තහනම් කළ අතර, මැතිවරණවලට තරග කිරීම ද වැළක්වූවා.

Latest News
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026