General16 April 2026

ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට

අලු‍ත් අවුරුද්ද හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ගෑස් සැපයුම අද (16) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ගෑස් සමාගම් පවසනවා.

ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේ, මැයි මාසය දක්වා ප්‍රමාණවත් ගෑස් තොග පවතින බවයි.

ලාෆ්ස් සමාගම ද සිය ගෑස් සැපයුම අද සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, හම්බන්තොට ඇතුළු ප්‍රධාන පර්යන්ත හරහා අද සිට ගෑස් මෙට්‍රික් ටොන් 5,000ක් බෙදාහරින බවයි එම සමාගම සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes