පරණ අවුරුදු දා (13) අලුයම කාන්තාවකගේ රන් මාලයක් කඩා, එය උකස් කර ලැබුණු මුදලින් සූදුවේ නිරත වී, එදිනම සවස තවත් රන් මාලයක් කැඩීමට උත්සාහ කළ යුද හමුදා සාජන් මේජර්වරයෙකු මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු සහ ප්‍රදේශයේ තරුණයෙකු එක්ව සිදු කළ සාර්ථක මෙහෙයුමකදී සැකකරු මෙලෙස කොටු වී ඇත.
මොරවැව යුද හමුදා කඳවුරේ සේවය කරන වත්තේගම, උඩුරාවණ පදිංචි මෙම සාජන් මේජර්වරයා, පසුගිය 13 වැනිදා අලුයම 5.30 ට පමණ මහනුවර දුම්රිය ස්ථානය අසලදී හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිඳගේ පවුම් 04 ක රන් මාලය කඩාගෙන පළා ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.
අනතුරුව සැකකරු කොළඹ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට එම රන් මාලය රුපියල් හාරලක්ෂ හැට දහසකට (460,000/-) උකස් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිසිය පවසන පරිදි, සැකකරු එම මුදලින් ඔන්ලයින් (Online) ක්‍රමයට ක්‍රියාත්මක සූදු ක්‍රීඩාවක නිරත වී ඇති අතර ඉන් පරාජය වීමෙන් පසු යළිත් මුදල් සොයා ගැනීම සඳහා එදිනම සවස මහනුවරට පැමිණ තිබූ බව තොරතුරු අනාවරණය වුණා.
එහිදී මහනුවර වැව රවුම ප්‍රදේශයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ පවුම් තුනක රන් මාලයක් කඩා පළා යෑමට උත්සාහ කරද්දී, ඇයගේ කෑගැසීම ඇසී සිවිල් තරුණයෙකු සැකකරු පසුපස හඹා ගොස් තිබුණා.
එම අවස්ථාවේ විශේෂ අවුරුදු රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු වහා ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු මහනුවර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මෙහිදී විශේෂත්වය වන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ කාන්තා නිලධාරිනියන් සිව් දෙනාට සහ තරුණයාට පොලිස් දෙපාර්තමේන්තුව මගින් රුපියල් 5000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කිරීමයි.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන යන නිලධාරීන්ගේ උපදෙස් මත, මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
Latest News
සමාජ මාධ්‍ය කැළඹූ ගාල්ලේ පහරදීම - පැමිණිලි කළ පවුලම පොලිස් අත්අඩංගුවට
Local
04 June 2026
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ඉන්දියාවේ නිල සංචාරයක
Local
04 June 2026
නාවලපිටියේ දී ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිසුවෙක් ඇතුළු තිදෙනෙක් මරුට
Local
04 June 2026
බිට්කොයින් මිල 4%ක පහත වැටීමක් සමග මාස තුනකට පසු අවම මට්ටමට
Local
04 June 2026
හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් රුමේෂ් තරංග ස්ථාන දෙකක් ඉදිරියට
Local
04 June 2026
හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි
Local
04 June 2026
ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි
Local
04 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
04 June 2026
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026