වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශාල වැඩ කොටසත් කිරීමට තිබෙන බවත් ආර්ථිකය ප්‍රමුඛ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් මෙරට මහජනතාව නිසි ප්‍රයෝජන ලබා නොගතහොත් ශ්‍රීලංකාව ඉදිරියේදී යටත් විජිතයක් වනු නොඅනුමාන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.
ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රට භාරදෙන විට මෙරට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 290ක්ව පැවති බවත් වර්තමානයේදී මේ වන විට එය රුපියල් 320 දක්වා වැඩි වී රුපියලෙහි අගය අව ප්‍රමාණය වී ඇති බවද වජිර අබේවර්ධන විසින් පෙන්වා දෙනු ලැබුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද ප්‍රකාශ කළා.
මහජනතාව තමන්ගේ සංස්කෘතික වටිනාකමක් තිබෙන සිංහල දෙමළ අවුරුද්ද සැමරීමට කෙසේ හෝ ක්‍රියා කර තිබෙනවා. ඒක වැදගත් දෙයක් හැටියටයි අපි දකින්නේ. අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. මොන පීඩනයක් මැද්දේ හරි මහජනයා ඒ පණිවිඩය රජයට ලබා දී තිබෙනවා.
ඒ කියන්නේ රජය සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සහ ඒවා සම්බන්ධයෙන් ක්‍රියා නොකළත්, රජයට එය පාලනය කිරීමට බැහැ. මහජනයා ඒ කටයුතු තමන්ගේ තිබෙන කණකර උකස් තියලා හරි සිදු කරනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාම ආඩම්බර වෙන්න ඕන අවස්ථාවක්.
රටේ විශාල ජන පීඩනයක් ඇතිවෙලා තිබෙන්නේ. ඉතාමත් අමාරුයි. මහජනයාට තෙල් භාවිතා කරලා ගමන් බිමන් යන්න බැරි තැනට පත් කරලා තිබෙනවා. ඉතාම අමාරු තැනක රට තිබෙන්නේ. ඉතින් ඒ හැමදේටම යුද්ධය නැමැති වාක්‍යය පාවිච්චි කරලා නිදහස් වෙන්න බැහැ. තෙල් බැරලයේ මිල අද දවසේ මගේ කල්පනාවේ හැටියට 94 දක්වා අඩුවෙලා තිබෙනවා. මිල සූත්‍රය අනුව අඩුවෙනකොට අඩුවෙන්නත්, වැඩිවෙනකොට වැඩි කරන්නත් ආණ්ඩු ඕන නැහැ කියලා අද ආණ්ඩු කරන අය එදා කිව්වත් අඩුම තරමේ අද වෙනකොට තෙල් මිල අඩු වෙනකොට අඩු කරන්නවත් ආණ්ඩුව කාරුණික විය යුතුව තිබෙනවා.
කොහොම නමුත් දැනට අවශ්‍ය කරන්නේ විරුද්ධ පක්ෂයක් ලෙස උද්ඝෝෂණය කරන එක නෙමෙයි, ඒ කටයුත්තටත් වඩා මෙහෙම බිම දාන රටක් කොහොමද ගොඩගන්නේ කියන එකටයි විරුද්ධ පක්ෂයක් අවශ්‍ය කරලා තිබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි කල්පනා කරලා බැලුවොත් මේ සකස්කරලා තිබුණු සියලු පනත්, උදාහරණයක් විදිහට මේ ආර්ථික පරිවර්තන පනත. මේක හැදුවේ වැටෙන රට ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ගොඩගන්න. මේ පනත දැන් සම්පූර්ණයෙන් උල්ලංඝණය වෙලා ඉවරයි. දැන් බෑ මේ නීතිය යටතේ ආපහු රට වෙනස් කරන්න. එහෙනම් අලුත් පරිවර්තනයක් අවශ්‍ය කරලා තිබෙනවා.
මේ දූෂණ විරෝධී පනත, මේවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනාවේ රටට යහපතක් කිරීම සඳහා. ඊළඟට උදාහරණයක් හැටියට පාර්ලිමේන්තු අයවැය කාර්යාලය. මේක ගෙනාවේ මුදල් පරිපාලනය නිසියාකාරව ඉෂ්ට කරන්න. එතකොට මේ වගේ පනත් රාශියක් ගෙනල්ලා තිබුණා. දැන් මේ පනත් සියල්ලම විනාශ කරලා ඉවරයි. දැන් මේ පනත්වලින් ආපහු රට ගොඩගන්න බෑ. එහෙනම් අලුත් යුගයක් අවශ්‍යයි. ඒ යුගය ශ්‍රී ලාංකීය මහජනතාව මතක තබාගත යුතුයි, 77 ඇතිවෙච්ච යුග පෙරළියට වඩා මහා පරිවර්තනයක් අවශ්‍ය කරලා තියෙන අවස්ථාවක් මේක. එහෙනම් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය වෙන්නේ මෙන්න මේ විනාශ කරන ආර්ථික ප්‍රතිපත්ති, පනත් සියල්ලම විනාශ කරාට පස්සේ කොහොමද ඒක ගොඩගන්නේ කියලා, අන්න ඒ කාර්යභාරයට තමයි විරුද්ධ පක්ෂයක් අවශ්‍ය කරලා තිබෙන්නේ.
එහෙම නැතුව ආයෙමත් බොරු ප්‍රකාශ නිකුත් කරලා, දේශපාලන පක්ෂ තමන්ට මන්ත්‍රීවරයෙක් වෙන්න, තමන්ට අගමැතිවරයෙක් වෙන්න, ඇමතිවරයෙක් වෙන්න, ජනාධිපතිවරයෙක් වෙන්න පොරකන දේශපාලන සංස්කෘතිය ශ්‍රී ලංකා භූමියෙන් අතුගා දැමිය යුතුව තිබෙනවා. ඉතින් මහජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. නැවත සුරංගනා කතාවලට මහජනතාව හසුනොවිය යුතුයි. එහෙනම් රට ගොඩගන්න නම් විශාල පරිවර්තනයක් අවශ්‍යයි. 1977 කරපු පරිවර්තනය නිසා ඔබ කැමරාව අල්ලගෙන ඉන්නවා. ඔබට රූපවාහිනී යන්ත්‍ර ලැබිලා තිබෙනවා. ඔබට මාධ්‍ය ලැබිලා තිබෙනවා. ඔබට මෝටර් සයිකල් ලැබිලා තියෙනවා, ඔබට බස් ලැබිලා තිබෙනවා, ඔබට විදුලිය ලැබිලා තිබෙනවා. ඔබට සෞඛ්‍ය අධ්‍යාපනය ලැබිලා තිබෙනවා 77 මහා පරිවර්තනයත් සමඟ.
නමුත් දැන් ඒ වගේ දහස් ගුණයක පිම්මක් ආර්ථිකයට අවශ්‍ය කරලා තිබෙනවා. ඒක කරන්න බැහැ මේ විහිළු සපයන දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍ර විරෝධීව මහජනයා නොමග යැවීමෙන් කරන ක්‍රියාවලියත් එක්ක. එහෙනම් විශාල පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තනය නැවත මේ රටේ ඇති කරන්න පුළුවන් එකම නායකත්වයක් රටේ ඉතුරු වෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ නැමැති අවුරුදු 50ක දේශපාලන පළපුරුද්ද සහ ආර්ථික අත්දැකීම් සහ ජාත්‍යන්තරය පිළිබඳ මනා අවබෝධයකින් ක්‍රියාකරන්න පුළුවන් නායකත්වය. එතුමාගේ ඒ ප්‍රයෝජනය ශ්‍රී ලාංකීය මහජනතාව ලබාගත යුතුයි. එසේ ලබා නොගත්තොත් මේ රට යටත් විජිතයක් වනු නොඅනුමානයි.
ඇත්ත වශයෙන් දැනටමත් ආර්ථිකයට බලපෑම් එල්ල වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ ඩොලරය නීතියෙන් 380යේ තබාගෙන සිටින අවස්ථාවක. එළියේ මාකට් එකේ 450ට 500ට තිබුණු අවස්ථාවක. රට තුළ ඩොලර් දකින්න නොතිබුණු අවස්ථාවක. 2022 මැයි මාසේ 12 වෙනිදා අගමැතිධූරයත්, 2022 ජූලි මාසේ 20 වෙනිදා ජනාධිපති ධූරයත් භාර අරගෙන ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති කරලා රට වෙනස් කරලා ඉදිරියට ගෙනියන්න තමයි එතුමා සැලසුම් කරේ. දැන් එහෙම සැලසුමක් යටතේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා වර්තමාන ජනාධිපතිතුමාට රට භාර දුන්නේ ඩොලර් එක රුපියල් 290ත් රුපියල් 291ත් තිබෙන අවස්ථාවක.
එහෙනම් අර ආර්ථික පරිවර්තන පනත අනුව වගේම අනිත් පනත් අනුවත් මේ මොහොතේ ඩොලරය තබාගත යුතුව තිබුණේ 250ත් 275ත් අතරෙයි. එසේ තිබුණා නම් තමයි ලෝකයේ කුමන යුද්ධයක් තිබුණත් මහජනතාවට පීඩනයෙන් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ.
දැන් කෙසේ හෝ අද ඩොලරය රුපියල් 320යි රුපියල් 318යි විවිධ ගණන් කියනවා. එක රුපියලක් වැඩි උනහම මහා භාණ්ඩාගාරයේ තිබෙන ණයවලට එකතුවෙනවා රුපියල් බිලියන 37ක්. දැන් බිලියන 37 ඒවා 29ක් එකතු වෙලා තියෙනවා, දළ වශයෙන් අනෙකුත් කාරණා සමග සංශෝධනය කළාම 1.4 ට්‍රිලියන් එකතු වෙලා තිබෙනවා. මේක ට්‍රිලියන් 2කට යනකොට ආණ්ඩුවක් මහ පොළවේ පවතින්න විදියක් නෑ. ඉතින් ඒ නිසා මේ කඩා වැටෙන මහා විනාශයෙන් රට නිදහස් කර ගැනීම සඳහා, ශ්‍රී ලාංකීය මහජනතාවට මේ අලුත් අවුරුද්දේ දෙන්න තිබෙන පණිවිඩය තමයි සිහි බුද්ධියෙන් ක්‍රියා කරන්න කියලා. සිහි බුද්ධියෙන් වැඩ කරන්න කියලා. එසේ නොකළොත් ඔබේ දරුවන්ට මේ රට උරුම වෙන්නේ ලෝකයේ යටත් විජිතයක් ලෙස බව මතක තබාගත යුතුයි.

Latest News
අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් නඩු මගට - බස් සංගම් කියයි
Local
30 June 2026
පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 514ක ආදායමක්
Local
30 June 2026
මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,000ක් පරීක්ෂාවට: 7,000ක මදුරු කීටයින්
Local
30 June 2026
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පත්කරයි
Local
30 June 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
30 June 2026
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026