General16 April 2026

ලෝක වෙළෙඳපොළේ බලපෑමෙන් දේශීය ඉන්ධන මිලත් ඉහළ යා හැකියි - ඇමති නලින්ද

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්චාවචනයත් සමග මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමීමට සිදු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එහිදි සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය දරා ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අගලවත්ත ප්‍රදේශයේදී අද (16) මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

අප්‍රේල් පළමුවැනිදා සිට මාස 03ක කාලය සඳහා යළි ගාස්තු ඉහළ නැංවීමක් සිදුකරන ලෙස ඉල්ලා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරමින් අලුතින් පිහිටවූ මෙහෙයුම් සහ සම්ප්‍රේෂණ සමාගම් කර ඇති ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කළ යුතු බව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes