General15 July 2026

කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවෙකු විසින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන වෙඩි තබා පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු කළ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිවුලපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමේ සිදුවීම අද (15) පස්වරුවේ සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes