මෙවර 2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවන දින වන විටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පෞද්ගලික අයැදුම්කරුවන්ට, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ඔන්ලයින් හරහා ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයැදුම්කරුවන් සඳහා විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු විශේෂ උපදෙස් මාලාවක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දක්වා ඇත්තේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම 2026 ජූලි මස 03 වන දින සිට 2026 ජූලි මස 23 වන දින දක්වා මාර්ගගතව (Online) සිදු කෙරේ.
ඒ අනුව, මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම නියමිත දිනට පෙර විභාගය සඳහා අයැදුම් කිරීමට බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
සියලුම අයැදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026.07.23 දිනට පෙර විභාගය සඳහා අයැදුම් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික දුරකථන අංකය මඟින් හෝ 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක සහ 0112784422 යන ෆැක්ස් අංකය මඟින් විමසීම් කළ හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Latest News
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026