General18 April 2026

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහනවලට QR යළි ක්‍රියාත්මකයි

පෙට්‍රල් වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ලබා දී තිබූ තාවකාලික සහනය අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉන් අනතුරුව නැවතත් QR ක්‍රමය ක්‍රියාත්මක බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

උත්සව සමය වෙනුවෙන් පසුගිය 11 වැනිදා සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා QR කේතය නොමැතිව මෙසේ ඉන්ධන ලබා දීමටයි එම සංස්ථාව කටයුතු කළේ.

කෙසේ වෙතත්, ඩීසල් වාහන සඳහා මෙම QR සහනය ක්‍රියාත්මක වූයේ නැහැ.
Related recommendation
Hiru TV News | Programmes