General18 April 2026

ඉන්දිය උප ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දිය උප ජනාධිපති සී. පී. රාධ ක්‍රිෂ්ණන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම හේතුකොට ගෙන කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව උප ජනාධිපතිවරයා 19 වැනිදා උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ පැමිණ ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්ත හන්දියෙන් බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දියෙන් දකුණට හැරී හෝර්ටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල හන්දිය, මල් පාර හන්දිය, ලිබර්ටි වටරවුමෙන් දකුණට හැරී ශාන්ත මයිකල් වටරවුමෙන් වමට හැරී ශාන්ත මයිකල් පාර, ගාලු පාර ශාන්ත මයිකල් පාර හන්දියෙන් දකුණට හැරී ගාලු පාර ඔස්සේ ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර ඔස්සේ ටාජ් සමුද්‍රා හෝටලයට ගමන් කිරීමට නියමිතයි.

ඔහු ගමන් ගන්නා කාලය තුළ ඉහත ගමන් මාර්ගයන්හි ගමන් ගන්නා රථ වාහන සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කළ හැකියි.

එම විස්තර මෙතැනින්
Related recommendation
Hiru TV News | Programmes