සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු සහ තරුණියක ග්‍රෑම් 78කට අධික ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇතැයි පොලිසිය පවසනවා.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (12) සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා කොටුකරගෙන තිබුණා.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කටාන, හල්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 24ක තරුණයෙක් සහ කුලියාපිටිය, ඈඹව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණියක්.
පොලිසිය විසින් සිදු කරනු ලැබූ සෝදිසි කිරීමේදී සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 72,450ක් සහ තරුණිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,310ක් සොයාගෙන තිබුණා.
ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ කාර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොළොන්නරුව පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූයේ කා වෙනුවෙන්ද යන්න සෙවීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (13) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
Latest News
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
13 July 2026
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
Local
13 July 2026
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
13 July 2026
සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘අයිස්’ ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුවේදී දැලේ
Local
13 July 2026
සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්!
Local
13 July 2026
නීති විරෝධී දුම්වැටි 3000ක් සමඟ චීන ජාතිකයෙක් ගාලුමුවදොරදී කොටු
Local
13 July 2026