General13 July 2026

ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර

මදුරුවන් දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වීම සඳහා අත් සහ කකුල් ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් වලින් දරුවන් පෙර පාසල් වෙත යැවිය යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පවසනවා.

පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (12) විශේෂ තීරණයක් ගනු ලැබුවා.

ඒ පාසල් වේලාව තුළදී සිසුන්ගේ සාමාන්‍ය පාසල් නිල ඇඳුමට අමතරව, අත් සහ කකුල් සම්පූර්ණයෙන්ම වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට සිසුන්ට අවසර ලබා දීමයි.
Related recommendation
Hiru TV News | Programmes