General13 July 2026

දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්

2010 ජනවාරි පළමුවැනිදා හෝ ඉන් පසුව උපන් කිසිදු පුද්ගලයෙකුට සියලුම දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කරන දුම්කොළ-නිදහස් පරම්පරාව ප්‍රතිපත්තියක් සම්මත කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ විශේෂ ලිපියක් යොමු කරමින්.

ලොව වඩාත්ම විනාශකාරී වාණිජ නිෂ්පාදනය දුම්කොළ වන බවත් එයින් දරුවන් ආරක්ෂා කරගත යුතු බවත් ඔවුන් එම ලිපිය මඟින් පෙන්වාදී තිබෙනවා.

දුම්කොළ හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් පමණ මිය යන බවට ගණන් බලා ඇති අතර ඊට අමතරව 2019 දී රුපියල් බිලියන 214ක ආර්ථික පාඩු ද සිදුව ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

එබැවින්, මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes