General18 April 2026

යුද්ධය අවසන් වනතුරු හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය භාරයට

කලාපය තුළ පවතින යුදමය වාතාවරණය ස්ථිර ලෙස අවසන් වී සාමය ස්ථාපිත වන තෙක්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට තීරණය කළ බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පවසනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අවධාරණය කළේ, මෙම ජල තීරය හරහා සිදුවන සියලු සංක්‍රමණ කටයුතු සම්බන්ධයෙන් දැඩි පාලනයක් ක්‍රියාත්මක කිරීමට ටෙහෙරානය අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
Related recommendation
Hiru TV News | Programmes