තායිලන්තයේ සිට රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂ්ම ලෙස මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස වාර්තා වන බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසන්නේ.
මොවුන් පසුගිය අප්‍රේල් 22 වන දින අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් ප්‍රවේශ පත්‍ර මත තායිලන්තය බලා ගොස් ඇති අතර, එරටදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්ෂි (ඡායාරූප සහ වීඩියෝ) ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඊයේ (25) රාත්‍රී 10:10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් FD-140 දරන ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේදී මොවුන් පරීක්ෂාකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෑම චීවරධාරියෙකුගේම ගමන් මල්ලක කිලෝ ග්‍රෑම් 05 බැගින් මත්ද්‍රව්‍ය ඇතුළත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා ඇත්තේ, ගමන් මලු තුළ ව්‍යාජ පතුල් සකස් කර, ඒ මත පාසල් උපකරණ සහ රසකැවිලි අසුරා දැඩි සූක්ෂ්ම ආකාරයෙන් බවත් සඳහන්.
අත්අඩංගුවට ගත් චීවරධාරින් පිරිස අද (26) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
නීති සම්පාදනය ඒකාධිපති හා උද්ධච්ඡ ව්‍යවහාරයක් වෙලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්
Local
20 August 2026
පාකිස්ථානයේ වැටලීමකින් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 258ක් අත්අඩංගුවට
Local
20 August 2026
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
Local
20 August 2026
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
Local
20 August 2026
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026