General27 April 2026

ෂම්මි ක්‍රිකට් සභාපතිකමෙන් ඉල්ලා අස්වන ලකුණු?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ලබන  බදාදා (29) වනවිට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

2019 වසරේ සිට අඛණ්ඩව ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයුතු කරන ෂම්මි සිල්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇත්තේ වගකිවයුතු පාර්ශව විසින් කළ දැනුම්දීමකට අනුව බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පරිපාලනය සම්බන්ධව පසුගිය කාලය තුළ ක්‍රීඩාලෝලීන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දැඩි විවේචන පළවී තිබුණා.

ඔහුට ක්‍රිකට් සභාපතිධුරයෙන් ඉවත්වීමට දැනුම් දී ඇත්තේ ඒ අනුව බවත් සඳහන්.

ඉන් පසුව ෂම්මි ඇතුළු ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් පත්වීමට ඉඩකඩ විවර වනු ඇතැයිද වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes