General28 April 2026

ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්

2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි උත්පාදන වියදම් ඇස්තමේන්තු සංශෝධනය කරමින් ජාතික පද්ධති මෙහෙයුම්කරු (National System Operator (Pvt) Ltd) විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

නව වාර්තාව මගින් 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදුලිය උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබෙනවා.

මෙම නව පිරිවැය ඇස්තමේන්තු පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙන බව සඳහන්.

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් (Public Consultation) පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව‍යි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Related Recommends
Hiru TV News | Programmes