කටුනායක ගුවන් තොටුපොළේදී විෂ මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සහ ඒ සම්බන්ධ විමර්ශන පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හා ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර විශේෂ හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
මුළු මහත් සමාජයම කම්පාවට පත් කළ මෙම සිදුවීම මගින් විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බව මනාව තහවුරු වන බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
සම්බුද්ධ සසුන සහ ඒ හා බැඳුණු හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බවත්, මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට සියලු දෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
සිද්ධියට අදාළව දැනට සිදු කෙරෙන පරීක්ෂණ සහ මතුව ඇති තත්ත්වය පිළිබඳව මෙහිදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මහා සංඝරත්නය දැනුවත් කළා.
විහාර දේවාලගම් පනත ඇතුළු ශාසනික නීති රීතිවල සිදු කළ යුතු වෙනස්කම් සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මෙම අවස්ථාවට මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි අනුනායක හිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන ආනන්ද විජේපාල, ආචාර්ය නිනිදුම සුනිල් සෙනෙට්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, නීතිපති පාරින්ද රණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වුණා.

Latest News
ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි
Local
28 April 2026
වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක්
Local
28 April 2026
ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්
Local
28 April 2026
ඉරානයට සහාය දෙන බවට රුසියානු ජනපති පුටින් කියයි
Local
28 April 2026
ගෝලීය ඉන්ධන මිල හමුවේ විදුලි ගාස්තු සංශෝධනයකට සූදානමක්
Local
28 April 2026
සල්ලි යවනකොට HSBC බැංකුව දෙපාරක්ම අනතුරු ඇඟවීම් කරලා! - පුබුදු ජයගොඩ -
Local
28 April 2026
ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
28 April 2026
සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්රයෙන් නිම වෙයි
Local
28 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටී රියැදුරු මරුට
Local
28 April 2026
තමා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මොරවැවේ අයෙක් මරුට
Local
28 April 2026