General29 April 2026

මාතර සමුපකාර රෝහල රත් කළ සිද්ධියට සභාපති ඇතුළු 05ක් අත්අඩංගුවට

ඉකුත් 11 වැනිදා මාතර සමුපකාර රෝහලේ ඇති වූ සිද්ධියට අදාළව එම රෝහල් සමූපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු 05 දෙනෙකු මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධව මාධ්‍යයේ පළ වූ වීඩියෝ දර්ශන පිලිබඳව කළ විමර්ශනයකින් පසුවයි.

මාතර සමුපකාර රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වසර හතකට තහනම් කිරීමට දකුණු පළාත් සමුපකාර කොමසාරිස්වරිය කටයුතු කිරීමත් සමග ඇතිවූ තත්ත්වය හමුවේ එහි සභාපති නිල කාමරයට මුද්‍රා තැබීමට මාතර මූලස්ථාන පොලිසිය පසුගියදා කටයුතු කළා.

එවන් පසුබිමක මාතර සමුපකාර රෝහලේ පාලනාධිකාරියේ සාමාජිකයින් තමන් බව පවසමින් ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිසක් පසුගිය 11 වැනිදා සමුපකාර රෝහලේ දොරගුළු කඩා ඇතුලු වීමට උත්සහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

අදාළ උණුසුම ගුටි බැට හුවමාරුවක් දක්වාද වර්ධනය වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහල් සමූපකාර සමිතියේ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද ඇතුළු දෙපාර්ශ්වයේම 05 දෙනෙකු මාතර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ජනමාධ්‍ය ඔස්සේ විකාශය වූ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අනුවයි.

සැකකරුවන් පස් දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes