ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (29) දිනයේත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් තවදුරටත් දිග්ගැස්සීමේ අවදානම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් (OPEC) සංවිධානයෙන් ඉවත් වීමට සූදානම් වීම යන කරුණු මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
නවතම වෙළඳපොළ දත්තවලට අනුව බොරතෙල් මිල ගණන් සටහන් වන්නේ මෙසේයි.
WTI බොරතෙල් (NYMEX WTI): මිල 3.61% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඇමරිකානු ඩොලර් 103.54 ක් ලෙස සටහන් වෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් (ICE Brent Crude): මිල 3.22% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 114.84ක් ලෙසයි සටහන් වූයේ.
මෙම මිල ඉහළ යාම කෙරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් අපනයනය කරන රටවල සංවිධානයෙන් (OPEC) ඉවත් වීමේ හැකියාව පිළිබඳ පුවත තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ.
තෙල් මිල ඉහළ ගියද, ලෝක වෙළඳපොළේ රත්රන් මිලෙහි සුළු පහත වැටීමක් දක්නට ලැබෙනවා.
COMEX Gold මිල 0.76% කින් පහත වැටී ඇති අතර එය අවුන්සයක් ඩොලර් 4,573.60 ක් ලෙස සටහන් වෙනවා.
මේ අතර බඩඉරිඟු මිල (CBOT Co) 0.26% ක සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ඉදිරි දිනවලදී බලශක්ති මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවට වෙළඳපොළ අනාවැකි පළ කරන්නේ.

Latest News
හැටන්-දික්ඔය බස් අනතුරින් අයෙක් මරුට
Local
29 April 2026
'3 Idiots' දෙවැනි කොටස තහවුරුයි: අමීර් ඛාන් යළිත් රැන්චෝ ලෙස කරළියට
Local
29 April 2026
මෙරට 8 සහ 9 වැනි පාර්ලිමේන්තුවල මුදල් භාවිතය ගැන පූර්ණ විගණනයක්; වාර්තාව මසකින් සභාගත කෙරේ - කතානායක
Local
29 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 14.85කින් ඉහළට
Local
29 April 2026
හැටන්-දික්ඔය මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක් - 20ක් රෝහලේ
Local
29 April 2026
මැදපෙරදිග අර්බුද හමුවේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
29 April 2026
රනිල්ට එරෙහි නඩුව කඩිනමින් අවසන් කරන්න අධිකරණයෙන් CIDයට නියෝග
Local
29 April 2026
සිරුරේ බැඳගෙන ගංජා ඇදපු ජාවාරම මාට්ටු
Local
29 April 2026
දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
29 April 2026
ඉන්ධන පිරිමහන්න ජවිපෙ මැයි දින රැලිය දිස්ත්‍රික් මට්ටමින්
Local
29 April 2026