General30 April 2026

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්: ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මුලතිව්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

මේ අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes