ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය සෙයියද් අබ්බාස් අරග්චි අතර දුරකථන සංවාදයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ, එරට විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාව දුරකතනයෙන් අමතා බටහිර ආසියාවේ වත්මත් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි.
එහිදී අමාත්‍යවරුන් දෙපළ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර සමීප සම්බන්ධතාවයකින් පසුවීමට එකඟ වූ බවත් සඳහන්.
මේ අතර ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය පවසා ඇත්තේ, මෙම සංවාදයේදී දෙපාර්ශ්වය සටන් විරාමය, ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධ නවතම වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවයි.
මේ අතර බටහිර ආසියාවේ සහ ගල්ෆ් කලාපයේ ආරක්ෂක තත්ත්වය අඛණ්ඩව වෙනස් වෙමින් පවතින පසුබිමක, ඉන්දියාවේ ඉරාන උත්තරීතර නායකයාගේ නියෝජ්‍ය නියෝජිත මොහොමඩ් හොසේන් සියායෙනියා පවසා ඇත්තේ බටහිර ආසියාවේ සතුරුකම් අවසන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සෑම රටකටම කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.
ඉකුත් අඟහරුවාදා ANI පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සියායෙනියා වත්මන් බටහිර ආසියානු අර්බුදය මර්දනය සහ ආත්මාරක්ෂාව අතර අරගලයක් ලෙස හඳුන්වමින්, මිනිස් ජීවිත හානි ඉහළ යමින් පවතින අවස්ථාවක ගෝලීය ප්‍රජාවේ ප්රමුඛතාවයන් පිළිබඳව ප්‍රශ්න කර තිබුණා.

Latest News
පොහොර නැතිව වැල්ලවායේ වී ගොවීන්ට ගැටලු
Local
30 April 2026
ට්‍රම්ප් හඳට යන්න සැරසේ
Local
30 April 2026
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්
Local
30 April 2026
“Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට
Local
30 April 2026
මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයි
Local
30 April 2026
ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ බංග්ලාදේශයට රතු එළියක්
Local
30 April 2026
ඉන්දු - ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
Local
30 April 2026
ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්: ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
Local
30 April 2026
ඥාණසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි
Local
30 April 2026
මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්: ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Local
30 April 2026