ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මැතිවරණයේදී විද්‍යුත් ඡන්ද යන්ත්‍ර සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා හේතුවෙන්, අදාළ ඡන්ද මධ්‍යස්ථාන 15ක හෙට (02) යළි මැතිවරණය පවත්වන ලෙස ඉන්දීය මැතිවරණ කොමිසම නියෝග කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානවල ඡන්ද විමසීම හෙට පෙරවරු 7:00 සිට පස්වරු 6:00 දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය අප්‍රේල් 29 වනදා පැවැති දෙවන අදියරේ ඡන්ද විමසීමේදී බරපතළ දූෂණ සිදුව ඇති බවට භාරතීය ජනතා පක්ෂය (BJP) සහ සී.පී.එම් (CPM) පක්ෂය චෝදනා කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ විද්‍යුත් ඡන්ද යන්ත්‍රවල තම අපේක්ෂකයින්ගේ නම් ඉදිරියෙන් 'ටේප්' (Tape) අලවා ඒවා වසා දමා තිබූ බවයි.
විශේෂයෙන්ම Trinamool කොංග්‍රස් පක්ෂයේ මහලේකම් අභිෂේක් බැනර්ජිගේ බලකොටුවක් ලෙස සැලකෙන Falta ප්‍රාන්තයේ මෙවැනි අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම (Booth Jamming) සහ හොර ඡන්ද දැමීම වැනි සිදුවීම් ද වාර්තා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest News
ඉරානයේ පිපිරීමකින් විප්ලවීය ආරක්ෂක බලකායේ 14 දෙනෙකු ජීවිතක්ෂයට
Local
01 May 2026
ඉරානයේ සාම යෝජනාව ගැන ට්‍රම්ප් අතෘප්තියෙන් : "ඉරානය කිසිදා එකඟතාවයකට එයිදැයි සැකයි"
Local
01 May 2026
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මධ්‍යස්ථාන 15ක හෙට යළි ඡන්දය පැවැත්වේ
Local
01 May 2026
කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට
Local
01 May 2026
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Local
01 May 2026
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026