General03 May 2026

පොලිස් අත්අඩංගුවේ සිටියදී පලායාමට තැත්කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු පලායාමට උත්සාහ කිරීමේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ගල්ගමුව පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (03) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ජීප් රථයට රැගෙන ගිය අවස්ථාවේදී පළා යාමට උත්සාහ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පොලිසිය එක් සැකකරුවෙකුට වෙඩි තබා ඇති අතර, තුවාල ලැබූ එම සැකකරු ප්‍රතිකාර සඳහා ගල්ගමුව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලබා රොහල්ගත කර ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

Related recommendation
Hiru TV News | Programmes