2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමගින් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි.
ඒ අනුව මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩි කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීම ද මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීම ද එමගින් යෝජිතයි.
මෙය පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද එය මේ වසර දක්වා කල්දැමුණා.
සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙම වැට් අය කිරීමට යටත් වනවා.
නව කෙටුම්පතින් නිර්වාසික තැනැත්තෙකු එනම් විදේශයක සිටින තැනැත්තෙකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා මාර්ගගත පාඨමාලා, සම්මන්ත්රණ, පුහුණු, ඩිජිටල් අධ්‍යාපන වේදිකා, අතථ්‍ය පන්ති කාමර, වෙළෙඳපොළවල් හි ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ පාඨමාලා ඇතුළු අධ්‍යාපන සේවා සැපයීමේදී ද වැට් අය කිරීමට යෝජිතයි.
එමෙන්ම මාර්ගගත උපදේශනය, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු, කෘත්‍රිම බුද්ධිය ආශ්රිත රෝග විනිශ්චයන්, ඩිජිටල් සෞඛ්‍ය නිරීක්ෂණ සහ දුරස්ථ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සේවා ද ඊට ඇතුළත් කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් සේවා සපයනු ලබන නිර්වාසික තැනැත්තකුගේ,
2026 ජූලි මස 01 වන දින හෝ එදිනට පසු එවකට අවසන් වන මාස 12ක කාල සීමාව තුල එම සේවා සැපයුම්වල සමස්ත වටිනාකම, රුපියල් මිලියන තිස් හයක් හෝ වෙනත් යම් ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදලක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා මෙම පනත් කෙටුම්පත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව ද සඳහන්.
මේ අතර වැට් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා වන සීමාව අඩු කිරීම ද මේ වසරේ ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට මෙම කෙටුම්පතින් යෝජිතයි.
ඒ අනුව 2026 වසරේ ජූලි මස පළමු වැනි දින හෝ එදිනට පසු ශ්‍රී ලංකාව තුළ යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරන හෝ කරගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම,
(අ) යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ එම බදු අය කළ හැකි කාලසීමාව තුළදී, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සහ සේවාවල බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 9 ඉක්මවා ඇත්නම් එම තැනැත්තා මෙම පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව කෙටුම්පතේ දක්වා තිබෙනවා.
(ආ) එමෙන්ම එවකට අවසන් වන මාස 12ක කාලසීමාව තුළදී එම තැනැත්තාගේ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සහ සේවාවල බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 36ක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා ද මෙම පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව කෙටුම්පතේ සඳහන්.
එම පනත් කෙටුම්පත මෙතැනින් බලන්න (Click)

Latest News
මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5% දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා
Local
03 May 2026
භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
Local
03 May 2026
"අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ" : මහින්දගේ පාර්ශ්වයෙන් පිළිතුරු
Local
03 May 2026
රාගම ශික්ෂණ රෝහලේ ගැටලු රැසකට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කඩිනම් විසදුම්
Local
03 May 2026
ශ්‍රී ලංකාව පරදා කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි තරගාවලිය නවසීලන්තය 2-0ක් ලෙස ජයගනී
Local
03 May 2026
කුරුණෑගලදී මෝටර් රථයක් කණුවක ගැටෙයි: තරුණ රියැදුරු මරුට
Local
03 May 2026
කටුකුරුන්ද වෙරළේ දිය නෑමට ගිය අයෙක් රළ පහරට හසුව අතුරුදන්
Local
03 May 2026
පොලිස් අත්අඩංගුවේ සිටියදී පලායාමට තැත්කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි
Local
03 May 2026
කැලිඩෝ වෙරළේ තිබී හමුවූ ගුරුවරියගේ සිරුර ඥාතීන් හඳුනා ගනී
Local
03 May 2026
ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්
Local
03 May 2026