General05 May 2026

ජෝන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි දූෂණ නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති දූෂණ නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයට ඉදිරිපත් නොවූ සාක්ෂිකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (05) වරෙන්තු නිකුත් කළා.

නඩුවේ දොළොස්වන සාක්ෂිකරු ලෙස නම් කර සිටි අය, අද (05) දින සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කරමින් 'දූෂණය' නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

අදාළ නඩුව යළි කැඳවීමට නියමිත අතර, එහිදී සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත යුතු බව මහාධිකරණය වැඩිදුරටත් දන්වා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes