General05 May 2026

''කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට දෙන්න'' - අර්චුනා

"කච්චතිව් දූපත පමණක් නොව, මුළු යාපනයම තමිල්නාඩුවට ලබා දෙන්න, එවිට ඔවුන් අපව ආරක්ෂා කර ගනු ඇතැයි" පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා.

අද (05) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත්වූ, අපගේ හදවත් දිනාගත් විජේට පීඩිත දෙමළ ජනතාව වෙනුවෙන් සුබ පැතුම් සහ ප්‍රණාමය පුද කරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

"විජේ කච්චතිව් දූපත ඉල්ලා සිටින විට ජනාධිපතිවරයා පවසා සිටියේ එය ලබා දිය නොහැකි බවයි. නමුත් මම කියන්නේ කච්චතිව් විතරක් නෙමෙයි, යාපනයත් තමිල්නාඩුවට ලබා දිය යුතු බවයි. තමිල්නාඩු ජනතාව අපව ආරක්ෂා කර ගනු ඇත." යනුවෙනුයි.
Related recommendation
Hiru TV News | Programmes