General05 May 2026

විදෙස් ජාතිකයන්ට නිවෙස් කුලියට දෙන පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්

විදෙස් ජාතිකයින්ට නිවසක් හෝ යම් දේපළක් කුලියට ලබාදෙන්නේ නම්, ඒ පිළිබදව ළගම ඇති පොලිසියට, දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ඉල්ලීමක් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් විදෙස් ජාතිකයින් මෙවැනි නිවෙස් ලබා ගෙන මූල්‍යමය අපරාධ සිදු කරන තත්වයක් පවතින බැවින් මෙම පියවර ගන්නා බවයි.

Related recommendation
Hiru TV News | Programmes