General06 May 2026

බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණෙමින් සිටින බවට පැතිර යන ආරංචිත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා.

දේශීය වේලාවෙන් පස්වරු 5.00 වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.11 ක් ලෙස සටහන් වූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88.94 ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes