සුඩානයේ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන වටයක් පෝර්ට් සුඩාන් හිදී පවත්වා තිබෙනවා.
මෙහිදී දෙරට අතර ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මෙම හමුව සිදුවූයේ සුඩානයේ විදේශ අමාත්‍ය මොහියුදීන් සලීම් නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා මාස කිහිපයකට පසුවයි.
එම පෙර සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ද්විපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණයන් සක්‍රීය කිරීමට සහ උපාය මාර්ගික ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට එකඟතාවයකට පැමිණ තිබුණා.
පෝර්ට් සුඩාන් හි විදේශ අමාත්‍යාංශ මූලස්ථානයේ පැවති මෙම නවවන දේශපාලන උපදේශන සැසිය සඳහා සුඩාන විදේශ අමාත්‍යාංශයේ ලේකම් මාවියා ඔස්මාන් කාලිඩ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර ආසියා සහ උතුරු අප්‍රිකා කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සුරේෂ් කුමාර් සම-සභාපතිත්වය දරනු ලැබුවා.
ත්‍රස්තවාදයට එරෙහි සහයෝගීතාව ඉහළ නැංවීමට සහ දෙරටටම පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට ඇති කැපවීම දෙපාර්ශවයම යළිත් තහවුරු කළ බව සුඩාන විදේශ අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
කෘෂිකර්මාන්තය, බලශක්තිය, ඖෂධ, පතල් කැණීම සහ ඩිජිටල් පරිවර්තනය යන ක්ෂේත්‍රවල ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නියෝජිත කණ්ඩායම් දෙක එකඟ වී තිබෙනවා.
එහිදී දෙරටේ පෞද්ගලික අංශයන් අතර හවුල්කාරිත්වය ඇති කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණා.
වෙළඳාම පහසු කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, වාණිජ ගනුදෙනු ඉහළ නැංවීම සඳහා මූල්‍ය හුවමාරු ක්‍රම විධිමත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව දෙපාර්ශවයම විමසා බැලූ අතර සුඩානය සහ ඉන්දියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම මගින් පුද්ගල ගමනාගමනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද නිලධාරීන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

Latest News
ඕමාන් බොක්කේදී ඉරාන නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
06 May 2026
ආර්ථික හා වෙළඳ සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ සුඩානය අතර සාකච්ඡා
Local
06 May 2026
වියට්නාම් ජනපති හෙට දිවයිනට - කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
06 May 2026
ඉරාන කථානායකවරයාගෙන් අමෙරිකාවට චෝදනා
Local
06 May 2026
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
Local
06 May 2026
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
Local
06 May 2026
භික්ෂූන්වහන්සේලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ යුත්තේ මහා නාහිමිවරුන්ගේ අවසරය මතයි - පිරිවෙන් අධ්යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමි
Local
06 May 2026
ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි
Local
06 May 2026
කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
06 May 2026
නැගණියට හිරිහැර කළ පුද්ගලයකුට ඇසිඩ් ගැසූවැයි සහෝදරියක් අත්අඩංගුවට
Local
06 May 2026