General06 May 2026

සයිබර් වංචාවල නිරත තවත් විදෙස් ජාතිකයන් පිරිසක් කොටුවෙයි

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකළ බවට සැකකෙරෙන විදෙස් ජාතිකයින් පිරිසක් අද පස්වරුවේ කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියට්නාම ජාතිකයින් 74 දෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

එම පිරිසෙන් කොටසක් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes