දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වූ මැයි 18 වැනිදා ‘මුල්ලිවයික්කාල් ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නිල යෝජනාවක් සම්මත කරන ලෙස තමිල්නාඩුවේ අභිනව මහ ඇමති ලෙස පත්වූ ජෝසප් විජේගෙන් ඉල්ලා තිබෙනවා.
මහ ඇමති ජෝසප් විජේ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.
එසේම ප්‍රාන්ත සභාවේ පළමු සැසිවාරයේදීම මෙම යෝජනාව ගෙන එන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.
ජෝසප් විජේ මහ ඇමති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි ඔහු මෙම ලිපිය ඔහු යොමු කර තිබෙන්නේ.
එසේම ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ, 2013 වසරේදී ද තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවේ සිදුවීම් ‘ජනසංහාරයක්’ ලෙස හඳුන්වමින් යෝජනාවක් සම්මත කළ බවයි.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා රජය මෙම ‘ජනසංහාර’ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.
යුද අපරාධ ඔප්පු කිරීමට වඩා ‘ජනසංහාරය’ (Genocide) යන පදය නෛතිකව තහවුරු කිරීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බව ජාත්‍යන්තර නීති විශේෂඥයන් මතයයි.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති කාර්යාලය මෙන්ම තමිල්නාඩු රජය ද මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Latest News
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026