සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතරම, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අද (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්ණ ශාලාවේදී ආරම්භ වූ "PET EXPO 2026" ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පවසා සිටියා.
ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය හා සුභසාධනය වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ වෙන් කර තිබූ "ආලෝකා" ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය කටයුතු කළා.
එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් අග්‍රාමාත්‍යතුමිය විසින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, පවසා සිටියේ මෙවැනි අදහසක්.
ශ්‍රී ලංකාව තුළ පශු වෛද්‍ය සේවාව ඉදිරි දැක්මක් සහිතව දියුණුවෙමින් පැවතීම පිළිබඳව මම සතුටු වෙනවා. පන්සල් වැනි පොදු ස්ථානවල කුඩා සුනඛ සහ බළල් පැටවුන් දමායාම රටේ වැරදි පුරුද්දක් වෙලා තිබෙනවා, වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. එමෙන්ම සත්ව සුභසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට හැකි වී තිබීම තුළින්, සතුන්ගේ ජීවිත යහපත් කිරීම පිණිස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබෙනවා.''
මෑතකදී ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලංකාවේ දියණියක සහ ඉත්තෑවකු අතර ඇති වූ සුවිශේෂී සත්ව සබැඳියාව සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, සුරතල් සතුන් සහ දරුවන් අතර පවතින සබඳතාවය දරුවන්ගේ ජීවිතවලට අතිශය වැදගත් වන බවයි.
සතුන් සමඟ ජීවත්වීම තුළින් දරුවන්ගේ ජීවිතවලට සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි ගුණාංග ප්‍රායෝගිකව එක් කරගත හැකි බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

Latest News
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026